Home අද වියදම අඩුකරගන්න හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරයි

වියදම අඩුකරගන්න හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරයි

242
0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සඳහා වසරකට රුපියල් කෝටි 110 ක් පමණ වැය වන බැවින් එය අඩු කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ට සීමා කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපතිවරු අතරින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 32 ක් වැය වෙන බව පොලිස් මූලස්ථානය අනාවරණය කළේය.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් 2000 ගේ පමණ ඌණතාවක් පවතින බවත් ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා සිටි නිලධාරීන් 2000 ක් පමණ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබිණි.

මේ අනුව යම් ප්‍රභූවරයකුට ආරක්ෂක නිලධාරීන් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒ සඳහා පියවර ගන්නා බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleකථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
Next articleජනපති හෙට (15) ඉන්දියාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here