Home අද ඉසුරුපායේදී පොලිස් නිලධාරීන්ට තුවාල කළේ බුද්ධි අංශ නිලධාරියා ද?

ඉසුරුපායේදී පොලිස් නිලධාරීන්ට තුවාල කළේ බුද්ධි අංශ නිලධාරියා ද?

74
0

පාසල් වලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පසුගිය දෙසැම්බර් 02 වනදා බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද උද්ඝෝෂණය පාලනය කිරීමට ගිය පොලීසිය හා උද්ඝෝෂකයින් අතර ඇතිවූ ගැටුමින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කැපුම් තුවාල වලට ලක්වූ අතර එහිදී උද්ඝෝෂණයට සහභාගී වූ සංවර්ධන නිලධාරීන් 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

එම උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරීන් හතරදෙනා ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(10) නියම කළ අතර ඒ, හඳුනාගැනීමේ පෙරට්ටුවේදී පොලිස් නිලධාරීන් විසින් එම සංවර්ධන නිලධාරීන් සැකකටයුතු කිසිඳු දෙයක් සිදු නොකළ බවට ප්‍රකාශ කිරීම හේතුවෙනි.

මේ අතර විරෝධතාව අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු බව පවසමින් පොලිසියට බාර දුන් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කොට තිබෙන අතර ඔහු බුද්ධි අංශ නිලධාරියෙකු බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.
මෙම විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන් කැපුම් තුවාලවලට ලක්කළේ කවරෙකුද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිළි කිරීමක් සිදුකොට නොමැති අතර අධිකරණයට ඉදිරිපත් කර ඇති බුද්ධි අංශ නිලධාරියා විසින්ම මෙම ක්‍රියාව සිදුකර ඇත්තේද යන්න මෙතෙක් තහවුරු කර නොමැත.

මෙම සිදුවීම කිසිවෙකු විසින් හිතා මතාම සිදුකරන ලද්දක් ද, එසේත් නොමැතිනම් කිසිවෙකු හෝ යම් පාර්ශවයක් විසින් කිසියම් අරමුණක් වෙනුවෙන් මෙහෙයවනු ලැබූවක්ද යන්න පිළිබඳව වගකිවයුතු පාර්ශවයක් විසින් මෙතෙක් කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර නොමැත.

මේ අතර තමන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු දිනුක බණ්ඩාර මහතා පවසයි.

Previous articleපුනරුද පොලිසියටත් සාමකාමී විරෝධතා ඇලජික් : පිටකොටුව උණුසුම් වෙයි !
Next articleපළාත් පාලන ඡන්ද විමසීමට 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කර ගැනීමට යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here