Home අද මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය සැක සහිතයි !

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය සැක සහිතයි !

104
0

මැතිවරණ ව්‍යාපාරය අතරතුර බෝම්බ ප්‍රහාරයකින් මියගිය මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය සැක සහිත බැවින් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පවු‍ලේ ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද ( 11 ) පැමිණිලි කර ඇත.

දක්ෂ හමුදා නිලධාරියෙකු වූ ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු විදේශ රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස කලක් සේවයේ නිරතව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබීය.

උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂය යටතේ ඉදිරිපත් වූ ජානක පෙරේරා මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිද්ධිය දීම 2008 වසරේ ඔක්තෝබර් 06 වැනි දින අනුරාධපුරේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 28 දෙනෙකු මිය ගියහ.

මෙම ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සිදුකළ බවට එම කාලය තුළදී ප්‍රචාරය වූ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද පැමිණි ජානක පෙරේරා මහතාගේ සොහොයුරකු හා ඥාති පුත්‍රයකු ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනය සැක සහිත බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

Previous articleපාක්ෂිකයින් හඬයි – අනුර නිහඬයි කතානායකගේ උපාධි සිද්ධියෙන් ආණ්ඩුව දරුණු අර්බුදයක
Next articleසිලින්ඩර පාටියේ ලේකම් ශාමිලා වෙනම ගේමක් ගහලා : මෙන්න සාක්ෂි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here