Home අද පළාත් පාලන ඡන්ද විමසීමට 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කර...

පළාත් පාලන ඡන්ද විමසීමට 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කර ගැනීමට යයි

85
0

අලුත් ඡන්ද දායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කර ගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව නීති සංශෝධනය කරන ලෙස ඇමති මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි නීතිපති අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පළාත් පාලන ඡන්ද විමසීම 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කර ගනිමින් පවත්වන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙස්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු . අර්ජුන ඔබේ සේකර. සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙස්ම අද විභාග කරනු ලැබීය.

පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට භාරගෙන ඇති නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා භාර ගැනීමට හැකිවන පරිදේ නීති සංශෝධනය කරන ලෙස ද ඇමති මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බවද ඒ මහතා අනාවරණය කළේය.

Previous articleඉසුරුපායේදී පොලිස් නිලධාරීන්ට තුවාල කළේ බුද්ධි අංශ නිලධාරියා ද?
Next articleජනාධිපති ධූරයේ තත්ත්වය පිළිබඳ ගැටළුවක් තිබෙනවා : චම්පිකගෙන් සැර චෝදනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here