නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරිව පැවති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කිරීම සඳහා සියලුදෙනාගේ එකඟතාවය හිමිවුයේ හිටපු අමාත්‍ය කංචන විජේසේකර ට බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ අවධාරණය කරයි.
පසුගිය මහ මැතිවරණයට සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර වෙත ලබාදෙන ලෙසට හිටපු මැති ඇමතිවරුන් රැසකගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගියදා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්, නීතිඥ ශර්මිලා පෙරේරා වෙත යොමුකර තිබූ බවද ඔහු පවසයි.
පසුගිය නොවැම්බර් 20 දා යොමුකර ඇති එම ලිපියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේද එකඟත්වය හා නිර්දේශය ඇතුලත්ව තිබූ බවද ඔහු පෙන්වා දෙයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර වෙත ලබාදෙන ලෙසට හිටපු මැති ඇමතිවරුන් රැසකගේ අත්සනින් යුතුව ලේකම් ශාමිලා පෙරේරා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි .