හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ පවසයි.
ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම පිරිස අතර ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් සියල්ලද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය .
නීතිඥ මනෝජ් ගමගේ මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ (10) දින ලිපියක් මගින් මෙම ආරක්ෂක නිලධාරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය .
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් එම ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවයි.