Home අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් !

72
0

මින් ඉදිරියට කිසිඳු අවස්ථාවකදීවත් සිලින්ඩරය සමඟ මැතිවරණ වලට ඉදිරිපත් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය තීරණය කර ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්‍ෂයක් ලෙස ගෑස් සිලින්ඩරය යටතේ පසුගිය මහා මැතිවරණයට තරග කර හිමි කරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බෙදා ගැනීම සම්බන්ධව මතු වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය මහා මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දෙන බවට පොදු එකඟතාවයකට පැමිණ ඒ සඳහා ෆයිසර්

මුස්තාපා මහතාගේ නම ජාතික ලැයිස්තුවට පවා ඇතුළත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පැවසීය.

ෆයිසාර් මුස්තාපා මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට යෝජනා කිරීම කුමන්ත්‍රණයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හැඳින්වුවද එහි කිසිදු කුමන්ත්‍රණයක් නැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මින් මතුවට කිසිදු අවස්ථාවක සිලින්ඩරය ලකුණින් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව පැවසූ ලසන්ත අලගියවන්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් ඉදිරියේ දී ගොඩනඟන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleසිලින්ඩර පාටියේ ලේකම් ශාමිලා වෙනම ගේමක් ගහලා : මෙන්න සාක්ෂි !
Next articleකාලගුණය වෙනස් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here