Home අද කාදිනල් හිමිපාණන් රජයට පොල් විකුණයි

කාදිනල් හිමිපාණන් රජයට පොල් විකුණයි

373
0

රට තුළ ඇතිවී තිබෙන පොල් ප්‍රශ්නය විසදීම සදහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මැදිහත් වී තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

කතෝලික සභාවට අයත් පොල් වතු වලින් පොල් රුපියල් 110ක සහන මිලක් යටතේ රජයට ලබා දීමට කාදිනල් හිමිපාණන් එකඟ වී ඇති බව වාර්තා වේ.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ එලෙස ලබාගන්නා පොල් රුපියල් 130ක මුදලකට සතොස හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.

Previous articleහාල් ආනයනයේ කොමිස් කුට්ටිය කෝටි 770ක්.? (අහස පොළොව නුහුලන හෙළිදරව්ව මෙන්න)
Next articleදේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් – අලුත්ම ගැසට්ටුව එළියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here