Home අද පොලී නැතුව ණය දෙන බැංකුව මොකක්ද ? රත්න සහල් ඇමැති වසන්තගෙන්...

පොලී නැතුව ණය දෙන බැංකුව මොකක්ද ? රත්න සහල් ඇමැති වසන්තගෙන් අහයි !

447
0

තමන් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා ගෙන නැති බවත් එවන් බැංකුද නොමැති බවත් රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල පවසයි.

පොලොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර ඒ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ රත්න සහල් හිමිකරු පොලී විරහිතව බැංකුවෙන් බිලියන තුනහාමාරක ණයක් ගෙන වී තොග රැස්කර ගෙන ඇති නමුත් මේ වන විට එකී තොග සඟවාගෙන වෙළෙඳ පොළොට නිකුත් නොකර සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මිත්‍රපාල මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ ළඟ තියෙන වී තොග පිළිබඳව මම ඔප්පු කරලා පෙන්නනවා.

අපි වී අරගන්නවා . අපි බැංකුවෙන් සල්ලි අරගන්නවා. බැංකුවේ සල්ලි ගෙවන්න ඕන ආපහු. මොකද වී ස්ටොක් එකක් තියාගෙන බැංකුවේ සල්ලි ගෙවන්න බැහැ. වී ටික අරගෙන සහල් නිෂ්පාදනය කරලා සහල් වෙළඳපලට යවලා ඒ සල්ලි ගෙනල්ලා, අපි බැංකුව නිදහස් කරන්න ඕනේ. නැත්තං සල්ලි වලට පොලිය හැදෙනවා.

මම මේ ප්‍රකාශනය කරේ පාර්ලිමේන්තුව කියන්නේ සියලු දෙනා බලන තැනක් ඉතින් ඒ නිසා ඒක නිවැරදි කරන්න තමයි මේ දේ කළේ. ඕනෑම ආයතනයක සහල් හංගල තියාගැනීමක් නැහැ. හංගගෙන තියාගෙන ඉඳලා තේරුමක් නෑ.
ගොයම් කැපුනාම අපි වී ටික රැස් කරන්න ඕනෙ අවුරුද්ද පුරාම සහල් දෙන්න. ඉතිං එහෙම වී තිබුණොත් තමයි සහල් දෙන්න පුළුවන්. මා ළඟත් මාස දෙකකට ඇතිවෙන්න වී තියෙනවා.දවසින් දෙකෙන් කොටන්න බෑ. මොකද පෙබරවාරි වෙනකල් මම හාල් යවන්න ඕනේ. එක මාස දෙකෙන් කොටලා මම ඊගාවට මොකද කරන්නේ ?

Previous articleසිලින්ඩරයේ ජාතික ලැයිස්තු අර්බුදය??
Next articleසිරියාවේ ඩරා නගරයත් කැරලිකරුවන් අතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here