Home අද සිලින්ඩරයේ ජාතික ලැයිස්තු අර්බුදය??

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු අර්බුදය??

57
0

මෙවර මහ මැතිවරණයට සිලින්ඩරයෙන් සහ අලියා ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස එක් මන්ත්‍රීවරයකු පත් කළ යුතු වුවද මේ වන විට මන්ත්‍රීවරු තිදෙනෙකුගේ නම් ඒ සඳහා ඉදිරිපත්ව තිබීම නිසා එම මන්ත්‍රී කණ්ඩායම අතර තවත් අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ .

මීට පෙර මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතා පත්කළ යුතු බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණණ තීරණය කර තිබිණි.

නමුත් මෙවර මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග කර
තේරී පත්වූ ජීවන් තොණ්ඩමන් මහතා පක්ෂ දෙකම නියෝජනය වන පරිදි කණ්ඩායම් නායකයා ලෙස පත්කළ යුතු බවටට හවුල්කාර පක්ෂ ඒකමතිකව පසුව තීරණය කරන ලදී.

මේ අතර එම මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත් කරන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් කථානායකවරයා වෙත දැනුම් දී ඇති බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන්කරයි.

මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂවල එකඟත්වයක් නොමැතිව රවී කරුණානායක මහතාගේ නම කතානායකවරයා වෙත යොමු කර ඇති බවත් ඒ අනුව ඔහු වෙනුවට ජීවන් තොණ්ඩමන් මහතා පත් කරන ලෙස හවුල්කාර පක්ෂ ඒකමතිකව තීරණය කළ බවත් එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

මේ තත්ත්වය මත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක තෝරා ගැනීමේදී ඇති වූ අභ්‍යන්තර අර්බුදයම එහි කණ්ඩායම් නායක පත් කර ගැනීමේදී ද ඇතිවී තිබෙන බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleඉතාම ඉක්මනින් විදුලි ගාස්තු අඩුකිරීමත් අනුරගේ කයියක් විතරයි : දැන් බලමු ජයලාල්ට බෝනස් දෙයිද කියලා !
Next articleපොලී නැතුව ණය දෙන බැංකුව මොකක්ද ? රත්න සහල් ඇමැති වසන්තගෙන් අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here