විදුලි බිල අඩු නොකර සිටීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත් වහාම විදුලි බිල අඩුකිරීමට අදාළ පියවර ගන්නා ලෙසත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට දෙසැම්බර් මස 10 වැනිදාට ප්රසාද දීමනා ලබාදෙන ලෙස ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් කර ඇති ඉල්ලීම සම්බන්ධව තමන් කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බවත් එම ඉල්ලීම ලබාදීමට පෙර විදුලි බිල අඩුකර ඒ සහනය ජනතාවට ලබාදිය යුතු බවත් ආනන්ද පාලිත මහතා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියෙන් පෙන්වා දී තිබේ.
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත.