Home අද දරුණු සටනකින් සිරියාවේ හාමා නගරය කැරලිකරුවන්ගේ ග්‍රහණයට

දරුණු සටනකින් සිරියාවේ හාමා නගරය කැරලිකරුවන්ගේ ග්‍රහණයට

91
0

සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් සිරියාවේ හාමා නගරය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලෙප්පෝ නගරයේ ද පළාත් කීපයක් මෙම කැරැලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබෙන අතර හාමා නගරය කැරැලිකරුවන් විසින් අත්පත් කර ගනු ලැබීම සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජය ලැබූ විශාල පරාජයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කැරැලිකරුවන් දින අටක් තිස්සේ සිරියානු රජයේ හමුදා සමඟ ගැටීමෙන් පසුව නගරය අත්පත් කර ගෙන තිබෙන අතර කැරලිකරුවන් නගරයට ඇතුළු වෙද්දී, ඔවුන් සමඟ සටන් වදිමින්, නගරය ආරක්ෂා කරගත් සිරියානු රජයේ හමුදා පසුබැස ගිය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous article8,361ක අපේක්ෂකයින්ගෙන් ආදායම්-වියදම් වාර්තා ලබා දී ඇත්තේ 1,985 දෙනෙක් පමණයි
Next articleව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා : කථානායක රන්වලට බරපතළ චෝදනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here