Site icon Newshub

දරුණු සටනකින් සිරියාවේ හාමා නගරය කැරලිකරුවන්ගේ ග්‍රහණයට

සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් සිරියාවේ හාමා නගරය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලෙප්පෝ නගරයේ ද පළාත් කීපයක් මෙම කැරැලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබෙන අතර හාමා නගරය කැරැලිකරුවන් විසින් අත්පත් කර ගනු ලැබීම සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජය ලැබූ විශාල පරාජයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කැරැලිකරුවන් දින අටක් තිස්සේ සිරියානු රජයේ හමුදා සමඟ ගැටීමෙන් පසුව නගරය අත්පත් කර ගෙන තිබෙන අතර කැරලිකරුවන් නගරයට ඇතුළු වෙද්දී, ඔවුන් සමඟ සටන් වදිමින්, නගරය ආරක්ෂා කරගත් සිරියානු රජයේ හමුදා පසුබැස ගිය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version