Home අද අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදලක් බිමල්ගේ අමාත්‍යාංශයට

අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදලක් බිමල්ගේ අමාත්‍යාංශයට

75
0

නව රජයේ අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ බිමල් රත්නායක අමාත්‍යවරයාට අයත් ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙතය.

අතුරු සම්මත ගිණුමට අනුව 2025.01.01 සිට 2025.04.30 දක්වා වියදම රුපියල් බිලියන 10,402 ක් වන අතර ඉන් රුපියල් බිලියන 220 ක්ම වෙන්කර ඇත්තේ බිමල් රත්නායක අමාත්‍යවරයාගේ විෂය පථයටය.

අතුරු සම්මත ගිණුමෙහි රුපියල් බිලියන 976 ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන්කරනු ලැබ ඇත.

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 186ක්. රාජ්‍ය පරිපාලනය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියනය 170.4 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 161.9 ක් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 142 .9ක් ආදී වශයෙන් සියලු අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කරනු ලැබ ඇත.

Previous articleIMF ගිවිසුමට විරුද්ධ වුනේ පැවති ආණ්ඩුවට ජනවරමක් තිබුනේ නැති නිසා – මාලිමා මන්ත්‍රිනී ලක්මාලී
Next article8,361ක අපේක්ෂකයින්ගෙන් ආදායම්-වියදම් වාර්තා ලබා දී ඇත්තේ 1,985 දෙනෙක් පමණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here