Site icon Newshub

අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදලක් බිමල්ගේ අමාත්‍යාංශයට

නව රජයේ අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ බිමල් රත්නායක අමාත්‍යවරයාට අයත් ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙතය.

අතුරු සම්මත ගිණුමට අනුව 2025.01.01 සිට 2025.04.30 දක්වා වියදම රුපියල් බිලියන 10,402 ක් වන අතර ඉන් රුපියල් බිලියන 220 ක්ම වෙන්කර ඇත්තේ බිමල් රත්නායක අමාත්‍යවරයාගේ විෂය පථයටය.

අතුරු සම්මත ගිණුමෙහි රුපියල් බිලියන 976 ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන්කරනු ලැබ ඇත.

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 186ක්. රාජ්‍ය පරිපාලනය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියනය 170.4 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 161.9 ක් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 142 .9ක් ආදී වශයෙන් සියලු අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කරනු ලැබ ඇත.

Exit mobile version