Home අද වසර 105 කට පසු ලාංකික භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

වසර 105 කට පසු ලාංකික භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

88
0

වසර 105කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් සුදුසුකම් ලබා තිබේ.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ඇත්තේ පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ ය. මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපන් උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේට දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබී ඇති අතර එය ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවකි.

මීට පෙර ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වරම් හිමිකරගෙන ඇත්තේ 1919 වසරේදී වන අතර ඒ පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් ය.

Previous articleසතොසෙන් වරකට පොල් තුනයි හාල් කිලෝ 5යි
Next articleජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here