Home අද ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කරන්න – ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි

ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කරන්න – ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි

87
0

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පියවර නොගතහොත් අනිටු ප්‍රතිවිපකයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරීපත් වු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනවාරි මාසයේ දී තමා ධුරයේ වැඩභාර ගැනීමට ප්‍රථමව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සටන් විරාමයකට එළඹිය යුතු බවත් ඊට පෙර හමාස් සංවිධානය රඳවාගෙන සිටින සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කළ යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සඳහන් කර ඇති අතර ඊශ්‍රායලය – හමාස් යුද ගැටුම් නැවැත්වීම සදහා ජනාපති ධුරයට නැවත තේරීපත්වීමෙන් පසු ට්‍රම්ප් සිදුකළ ප්‍රබලතම ප්‍රකාශය ලෙස ද මෙය සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous articleවැස්සත් ආශීර්වාදයක් : විදුලි ගාස්තු සංශෝධනයේදී 30%-40% ක ගාස්තු අඩු කිරීමක් !
Next articleරාජ්‍ය සේවයේ රැකියාවලින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – ජනාධිපති ජ්‍යේෂ්ට උපදේශක හුලංගමුවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here