Home අද හමුදාව යටතේ ඇති උතුරේ පෞද්ගලික ඉඩම් ක්‍රමිකව ජනතාවට දෙන්න ආණ්ඩුවේ සැලසුම්

හමුදාව යටතේ ඇති උතුරේ පෞද්ගලික ඉඩම් ක්‍රමිකව ජනතාවට දෙන්න ආණ්ඩුවේ සැලසුම්

175
0

ආරක්ෂක හමුදාව යටතේ පවතින උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් ක්‍රමිකව ඔවුන් වෙත නිදහස් කිරීමට රජය සැලසුම්කර ඇත.

ජාතික ආරක්‍ෂාවට හෝ ජනතාවට කිසිදු හානියක් සිදු නොවන පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ජනතාවගේ සුව දුක් සොයාබැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි උතුරේ සංචාරයක නිරතව සිටින ආරක්ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.

උතුරු පළාතේ වසා දමා තිබුණු මාර්ග කිහිපයක් විවෘත කිරීමටත් ආරක්ෂක අංශය යටතේ පැවතිි ජනතාව සතු ඉඩම් කිහිපයක් නිදහස් කිරීමටත් මේ වෙන විට කටයුතු කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

යුද්ධයෙන් පසු වසර ගණනාවක සිට මහජනතාව සතු ඉඩම් ආරක්ෂක අංශ යටතේ විවිධ කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් ඉඩම් හිමි ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුව තිබෙනන බවත් ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleමෙතෙක් කිසිදිනක ප්‍රචාරය නොකරපු වෙළඳ දැන්වීමක් හදන්න ලක්ෂ 1740ක් වියදම් කරලා – වැවිලි ඇමති හෙළිකරයි
Next articleරට පුරා සහල් හිඟයක් ඇතිවිය හැකියි – සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here