Home අද විදුලි සැර වැදී “දීඝදන්තු 1” අවසන් ගමන් යයි (PHOTOS)

විදුලි සැර වැදී “දීඝදන්තු 1” අවසන් ගමන් යයි (PHOTOS)

79
0

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා.

No description available.

ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බව වරත වනවා.

දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම හේතුවෙන් දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ආඩියාගල වනජීවි කාර්යාලය සහ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

කලා වැව රක්ෂිතයට අමතරව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ ද මෙම දළ ඇතා සැරිසරා තිබෙනවා.

මීට පෙර කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ රේවත සහ භරණ යන ඇතුන්ද මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන්.

No description available.

No description available.

 

Previous articleමන්ත්‍රී නිල නිවාස වලට 80ක් පෝලිමේ – මාලිමාවෙන් 60කට ආසන්න අයඳුම් පත්
Next articleඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරද‍ඩුවම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here