Home අද සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

51
0

මෙරට සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

Previous articleරුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්
Next articleඅයහපත් කාලගුණයෙන් තවත් විභාග දෙකක් කල් දැමේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here