Home අද ධාරාණිපාත වැසි නොතකා අස්වැසුම ගන්න පෝලිමේ

ධාරාණිපාත වැසි නොතකා අස්වැසුම ගන්න පෝලිමේ

66
0

ධාරාණිපාත වැසි නොතකා අස්වැසුම ගන්න පෝලිමේ

රජයේ ක්‍රියාත්මක අස්වැසුම සහනාධාර ව්‍යාපෘතියට අදාලව ප්‍රතිලාභීන් ලෙස ලියාපදිංචිවීම සඳහා විශාල ජනතාවක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තිබෙන බව වාර්තාවේ.

පවතින ධාරානිපාත වර්ෂාව නොතකා විශාල ජනතාවක් අද (27) උදෑසන සිට පෝලිමේ රැඳී සිටින බව වාර්තා වේ. මේ පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමේදී කියා සිටියේ, අස්වැසුම සහනාධාර සඳහා නව ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නව රජය නිකුත් කළ අයදුම්පත් මුල්වරට අද නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවයි. මේ හේතුවෙන් නොසිතූ පිරිසක් එම අයදුම්පත් ලබා ගැනීමට පැමිණි බව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. පැමිණි පිරිස කළමනාකරණය කරගැනීම සඳහා අංක ලබාදී අයදුම්පත් එම ස්ථානයේම පුරවා බාර ගැනීම සිදුකොට තිබේ.

සතියේ සෑම සඳුදා සහ බදාදා දිනකම අයදුම්පත් ලබා ගැනීමට හැකි බැවින් කලබලයකින් තොරව අයදුම් පත් ලබා ගැනීමට පැමිණෙන ලෙස නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නුවරඑලිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous articleකාර්තිව් ඛේදවාචකය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න
Next articleහිටපු ජනපති රනිල් : FR පෙත්සමක වගඋත්තරකරුවකු වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here