ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ප්රදානය කළේය.
ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල පත් කර ඇති අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි පත් කර තිබේ.