Home අද අදත් අහස දවසම දුකෙන් – කාලගුණයේ අලුත්ම අනාවැකිය මෙන්න

අදත් අහස දවසම දුකෙන් – කාලගුණයේ අලුත්ම අනාවැකිය මෙන්න

40
0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (28) සුළි කුණාටුවක් දක්වා තීර්ව විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහි බලපෑම නිසා අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින් බරව පවතින අතර උතුරු පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

දිවයිනේ සිසු ප්‍රදේශ වල විටින් විට වැසි ඇතිවනු ඇත. උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පැ .කි මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

මේ තත්ත්වය මත උතුරු මැද වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ පැ කි මි. 60-70 අතරත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පැ කි මි 40-50 අතරත් සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Previous articleතවත් අමාත්‍යංශ 2ක් සඳහා නව ලේකම්වරුන් !
Next articleකථානායක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වලට නම් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here