Home අද ආපදා තත්ත්වයෙන් 04 ක් මරුට – 230,743 කට පීඩා

ආපදා තත්ත්වයෙන් 04 ක් මරුට – 230,743 කට පීඩා

67
0

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 04 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපා තිබේ. ඉන් පවුල් 66,947ක පුද්ගලයින් 230,743කට බලපෑම් ඇතිවී ඇති බවත්, පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවත් උදය හේරත් මහතා පැවසීය.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 8ක් හා අර්ධ නිවාස හානි 620ක් ආපදා කලමනකරණ මධ්‍යස්ථානයට වාර්තා ඇති බවත් ඒ හේතුවෙන් ආරක්ෂිත කඳවුරු 165ක පුද්ගලයින් 15,586 දෙනෙකු රැඳී සිටින බවද ඔහු පැවසීය.

Previous articleලොව වයස්ගතම මිනිසා මිය යයි
Next articleඅදානිට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉල්ලූ විවාදය නිසා දෙවැනි දිනටත් පාර්ලිමේන්තුව කල් තබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here