Home අද ඉම්රාන් ට නිදහස ඉල්ලා දහස් ගණන් පාරට – 4000 ක් අත්අඩංගුවට

ඉම්රාන් ට නිදහස ඉල්ලා දහස් ගණන් පාරට – 4000 ක් අත්අඩංගුවට

71
0

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එරට වත්මන් රජයට බලපෑම් කරමින් PTI (පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්) පාක්ෂිකයින් දහස් ගණනක් බොහෝ ප්‍රදේශවල සිට එරට ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පෙළපාලි ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන පොලිසිය PTI පාක්ෂිකයින් 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අපරාධ චෝදනා 150කට වැඩි ප්‍රමාණයකට චෝදනා ගොනු කරමින් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතව තිබේ. PTI පක්ෂය පවසන්නේ, දිනෙන් දින ඔහුගේ ජනප්‍රිය බව ඉහළ යාම සහ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය ජනතාව අතර ප්‍රචලිත වීම නිසා, ඉම්රාන් ඛාන්ට විරුද්ධව අසත්‍ය කරුණු ගොඩනගමින් චෝදනා රැස්කර සිරගත කර තිබෙන බවයි.

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට වත්මන් අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ රජයට බලපෑම් කිරීම සඳහා PTI පාක්ෂිකයින් පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කළ අතර, එහි ගමනාන්තය වූයේ පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයයි. විරෝධතා පා ගමන මැඩපැවැත්වීම සඳහා විශාල බහාලුම් යොදා ගනිමින් ඉස්ලාමාබාද් වෙත දිවෙන සියලු මාර්ග අවහිර කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබූ අතර ආරක්ෂක නිලධාරීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන්ට අනතුරු අඟවමින් දුරකථන සබඳතා අත්හිටුවමින් සමාජ ජාලා වෙත පිවිසීම ද වළක්වමින් ඉස්ලාමාබාද් අගනුවර ද ආරක්ෂක අගුළු දැමීමකට ලක් කර තිබෙන අතර ඇතැම් ස්ථානවලදී PTI පාක්ෂිකයින්ගේ පා ගමන අවහිර කළ ආරක්ෂක අංශවලට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

Previous articleඉහළ පෙලේ චීන ධූත පිරිසක් සහ ජවිපෙ නායකයන් හමුවේ!
Next articleබෝනස් දුන්නේ නැත්නම් දෂ්ඨ කරනවා : විදුලි රංජන්ගෙන් අනුරට තගක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here