Home අද IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ ඉහළම මිල රිෂබ් පාන්ට් ට

IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ ඉහළම මිල රිෂබ් පාන්ට් ට

73
0

සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අදයි. වෙන්දේසියේ පළමු දිනය අවසන් වන විට ක්‍රීඩකයින් 72ක් වෙන්දේසියේ දී අලෙවි වී තිබේ.

වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ (24) දිනයේ දී ක්‍රීඩකයින් මිල දී ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දහයක් ඉන්දීය රුපියල් කෝටි 467.95ක මුදලක් වැයකර තිබේ.

IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවමින් ඉන්දීය ක්‍රීඩක රිෂබ් පාන්ට්ව මිල දී ගන්නට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම කටයුතු කර තිබේ. ලක්නව් කණ්ඩායම පාන්ට්ව මිල දී ගන්නට වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 27ක මුදලකි.

ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර් සඳහා ද මෙවර වෙන්දේසියේ දී ඉහළ මිලක් හිමි වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලක් ගෙවා මිල දී ගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඊයේ දිනයේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබු අතර ඔවුන් දෙදෙනාම මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කර තිබේ.

වෙන්දේසියේ ඉහළ ලංසු මුදලක් හිමි වූ විදෙස් ක්‍රීඩකයා බවට එංගලන්ත ක්‍රීඩක ජෝෂ් බට්ලර් පත් වූ අතර, ඔහුට ඉන්දීය රුපියල් කෝටි 15.75ක ලංසු මුදලක් ගෙවන්නට ගුජරාට් ටයිටන්ස් කටයුතු කර ඇත.

වෙන්දේසියේ පළමු දිනයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ක්‍රීඩකයින් අතුරින් අලෙවි නොවූ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12ක්. එලෙස අලෙවි නොවූ ක්‍රීඩකයින් අතර ඩේවිඩ් වෝනර්, ජොනී බෙයාර්ස්ටෝව් වැනි ක්‍රීඩකයින් ද සිටීම විශේෂත්වයක්. මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 204 දෙනෙක් මිල දී ගැනීමට නියමිතයි.

වෙන්දේසිය දෙවන දිනට අද (25) මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිතයි.

Previous articleබිත්තර මිල යළි ඉහළට
Next articleපාකිස්ථානයේ ප්‍රචණ්ඩත්ව ගැටුම් ඇවිලෙයි – 80 ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here