Home අද බිත්තර මිල යළි ඉහළට

බිත්තර මිල යළි ඉහළට

34
0

රට පුරා බිත්තර මිල යළිත් වතාවක් ඉහළ ගොස් තිබෙන අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙවුණු කෙටි කාලය තුළ බිත්තර මිල ඉහළ ගිය දෙවන වතාව මෙය වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර බිත්තර මිල ඉහළ යෑම ඔවුන්ගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්කරගෙන තිබිණි

ඒ අනුව මෙරට බිත්තරයක් රුපියල් හැටකට අලෙවි වීම සහ ඉන්දියාවේ බිත්තරයක් රුපියල් තිහක් වැනි අඩු මිලකට අලෙවි කිරීමට හැකි වී තිබෙන්නේ ඉන්දියාවේ කිකිළියක් දිනකට බිත්තර දෙකක් දමන නිසා බව ප්‍රකාශ කරමින් බිත්තර මිල ඉහළ යෑම උපහාසයට ලක් කළේය. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ තම පාලනයක් යටතේ බිත්තර මිල විශාල ලෙස පහළ දමන බවය.

ආණ්ඩුව බලයට පැමිණ රුපියල් 60 තිබුණ බිත්තරය රුපියල් 33-38 දක්වා අඩු කරනු ලැබීය. ඉන්පසු බිත්තරයක් රුපියල් 40-45දක්වාත් මේ වනවිට රුපියල් 45 -50 දක්වාත් මිල ඉහළ ගොස් තිබේ.

කුකුල් කෑම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී බිත්තර මිල යළිත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තයේ නියුතු වුවන් පවසයි.

Previous articleරුහුණට හරිනිගෙන් නිසි බලධාරියෙක් !
Next articleIPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ ඉහළම මිල රිෂබ් පාන්ට් ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here