Home අද කැණීම්වලදී මතුවුන විශාල කළුගල නිධානයේ ආවරණය ද?

කැණීම්වලදී මතුවුන විශාල කළුගල නිධානයේ ආවරණය ද?

470
0

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඇතැයි කියන නිධානයක් ගොඩ ගැනීම සඳහා රාජ්‍ය ආයතන රැසක් ඒකාබද්ධව සිදු කරන කැණීම්වලදී විශාල ප්‍රමාණයේ කළුගලක් මතුකර ගෙන ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

පුරා දින දෙකක් තිස්සේ සිදුකරන කැණීම්වලදී මේ වන විට අඩි විස්සකට අධික ගැඹුරට කැණීම් සිදුකර ඇති බවත් ඒ අනුව මතුවී ඇති විශාල ප්‍රමාණයේ කළුගල පුපුරුවා හැරීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රජයේ රස පරීක්ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන් පනහකට අධික පිරිසක් නිධානය මතුකර ගැනීමේ කැණීම් කටයුතුවල නිරතව සිටිති.

මෙම ස්ථානයේ නිධානයක් ඇති බවට සැක කරමින් දිගු කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නිදන් සොරු කැණීම් කටයුතු සිදුකර ඇති බවත් එවැනි පුද්ගලයන් අතුරෙන් චීවරධාරියෙකු ප්‍රමුඛ පුද්ගලයින් නව දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය පවසයි.

නිදන් සොරුන් නිධානය ලබා ගැනීමට උත්සාහ කිරීම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම පොලිසියටද කලක සිට කරදරකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවීම නිසා මේ සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.

ඒ අනුව අත්තනගල්ල අධිකරණය මගින් නියෝග කර ඇත්තේ මෙම ස්ථානයේ ඇති නිධානය ගොඩගන්නා ලෙසයි. නිධානය ගොඩ ගැනීම සඳහාආරම්භ කළ කැණීම් කටයුතු තවමත් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.

පොලීසියේ මැදිහත්වීමෙන් වේයන්ගොඩ නිධන් හෑරීම ඇරඹේ.! (VIDEO)

Previous articleවෘත්තීය සමිති නැවත අවශ්‍ය වෙන්නේ නැහැ – මහින්ද ජයසිංහ
Next articleනවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෙදින වැඩමුළුවට සහභාගීත්වය අනිවාර්යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here