Home අද හරීන් චෝදනා ප්‍රතික්ෂේප කරයි !

හරීන් චෝදනා ප්‍රතික්ෂේප කරයි !

62
0

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට පැවති කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පැමිණි අවස්ථාවේදීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනීසිටින ලෙස එවකට අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් වූ රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු වෙත විමර්ශන දැනුම් දී තිබුණි.

ඉන් හරීන් ප්‍රනාන්දු හැර සෙසු පිරිස ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදුන් අතර, හිටපු හරීන් ප්‍රනාන්දු අද දිනයේදී ඒ වෙත පැමිණ ඇත.

Previous articleඅපි ළඟ සදාකාලික උත්තර නෑ – ඒ මොහොතට, අවශ්‍යතාවයට වැඩකරනවා – ඇමති ලාල් කාන්ත
Next articleමහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here