Home අද රවී මන්ත්‍රීකම ගත්ත හැටි හොයන්න විශේෂ කමිටුවක් – වාර්තාව සති තුනකින් ඉල්ලයි

රවී මන්ත්‍රීකම ගත්ත හැටි හොයන්න විශේෂ කමිටුවක් – වාර්තාව සති තුනකින් ඉල්ලයි

11
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් රවී කරුණානායක මහතා ලබාගැනීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කමිටුවක් පත්කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අනුබද්ධ පක්ෂ අතර අද 20 පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කරනු ලැබ ඇත

ආචාර්ය විතානගේ, නීතිඥවරුන් වන කුමාර් දුනුසිංහ, ඉන්දික වේරගොඩ, යසස් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ වාර්තාව සති තුනක් ඇතුළත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදිය යුතු බව අද පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

කමිටු රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමටත් එහිදී රවී කරුණානායක මහතා සම්බන්ධව අවසන් තීරණයකට එළඹීමටත් නියමිත බව සාකච්ඡාවට සහභාගි වූ හිටපු ඇමතිවරයෙක් පැවසීය.

Previous articleකංචනට සිලින්ඩරේ පක්ෂ සියල්ලෙම කැමැත්ත හිමිවෙයි
Next articleඋසස් පෙළ කල් දාන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here