Home අද උසස් පෙළ කල් දාන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

උසස් පෙළ කල් දාන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

81
0

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විටත් අවසන් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති බවත්, උසස්පෙළ විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහනද සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත.

මෙම විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින අතර එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024.03.01 දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇත.

තවද, මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර මෙම විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇත.

ඉහත ප්‍රායෝගික තත්ත්වයන් මත, 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙමු.

Previous articleරවී මන්ත්‍රීකම ගත්ත හැටි හොයන්න විශේෂ කමිටුවක් – වාර්තාව සති තුනකින් ඉල්ලයි
Next articleIIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here