Home අද අපේක්ෂකයින්ට මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා දෙන්න දින දෙයි

අපේක්ෂකයින්ට මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා දෙන්න දින දෙයි

76
0

2024 මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තාවක් ලබන මස 6 වැනිදාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මහා මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින් වෙත දැනුම් දී තිබේ.

මෙලෙස ලබාදෙන ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 17 වැනි දින සිට රාජගිරියේ පිහිටි ප්‍රධාන මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සහ ඒ ඒ තේරීම් බාර කාර්යාලවල ප්‍රදර්ශනය කරනු ලබන අතර එම වාර්තා හා තොරතුරු විමසා බලා ඕනෑම අයෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අදාල ආදායම් වියදම් වාර්තාවභාරදිය යුතුය.

Previous articleදසවෙනි පාර්ලිමේන්තුවේ බිමල්ට තවත් වගකීමක් – නලින්දට තවත් ඉහළ පුටුවක්
Next articleපුනරුද ලේකම් මණ්ඩලය මෙන්න – රනිල්ගේ ලේකම්ලා එක්ක අනුරත් වැඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here