Site icon Newshub

අපේක්ෂකයින්ට මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා දෙන්න දින දෙයි

2024 මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තාවක් ලබන මස 6 වැනිදාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මහා මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින් වෙත දැනුම් දී තිබේ.

මෙලෙස ලබාදෙන ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 17 වැනි දින සිට රාජගිරියේ පිහිටි ප්‍රධාන මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සහ ඒ ඒ තේරීම් බාර කාර්යාලවල ප්‍රදර්ශනය කරනු ලබන අතර එම වාර්තා හා තොරතුරු විමසා බලා ඕනෑම අයෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අදාල ආදායම් වියදම් වාර්තාවභාරදිය යුතුය.

Exit mobile version