ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
මැක්ස්වෙල් ද සිල්වා ට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුලු ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම දැනුම් දීම සිදු කර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පසුගිය දා විද්‍යුත් තැපෑලෙන් එම ඉල්ලීම සිදු කර ඇතැයි වාර්තා වේ.