Home අද දැනෙන්න අඩුකරන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ උපයෝගිතා කොමිසමට

දැනෙන්න අඩුකරන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ උපයෝගිතා කොමිසමට

66
0

විදුලිය ගාස්තු අඩු කරමින් සකස් කළ නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට ලංකා විදුලි වල මණ්ඩලය තීරණය කර ඇත.

මීට පෙර විදුලිය ගාස්තු අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළත් එම අඩුකිරීම ප්‍රමාණවත් නොවන බැවින් නැවත එම යෝජනාවලිය සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී .

ඒ අනුව ලබන සතියේ ඉදිරිපත් කෙරෙන නව යෝජනාවලිය මගින් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කිරීමට
යෝජනා වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති සඳහන් කරයි

විදුලි බිල අඩු කරන ලෙස අවස්ථා කිහිපයකදීම සිය වෘත්තීය සමිති විදුලි බල මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබෙන බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති

මේ අතර විදුලිය බිල සියයට තිහකින් අඩු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබිණි.

Previous articleඉන්ධන වලින් ගන්න රුපියල් 50 ක බද්ද ඉදිරියට ගෙනයනවාද නැද්දැයි කල්පනා කරනවා – ජනපති
Next articleඇමරිකා තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන්න – විදේශ අමාත්‍යාංශය ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here