Site icon Newshub

දැනෙන්න අඩුකරන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ උපයෝගිතා කොමිසමට

විදුලිය ගාස්තු අඩු කරමින් සකස් කළ නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට ලංකා විදුලි වල මණ්ඩලය තීරණය කර ඇත.

මීට පෙර විදුලිය ගාස්තු අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළත් එම අඩුකිරීම ප්‍රමාණවත් නොවන බැවින් නැවත එම යෝජනාවලිය සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී .

ඒ අනුව ලබන සතියේ ඉදිරිපත් කෙරෙන නව යෝජනාවලිය මගින් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කිරීමට
යෝජනා වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති සඳහන් කරයි

විදුලි බිල අඩු කරන ලෙස අවස්ථා කිහිපයකදීම සිය වෘත්තීය සමිති විදුලි බල මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබෙන බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති

මේ අතර විදුලිය බිල සියයට තිහකින් අඩු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබිණි.

Exit mobile version