Home අද STF පොලිස් පරීක්ෂකවරයාගේ බැංකු ගිණුමට ලක්ෂ හතළිහක් අවේ ක්ලබ් වසන්තට වෙඩි තියන්න...

STF පොලිස් පරීක්ෂකවරයාගේ බැංකු ගිණුමට ලක්ෂ හතළිහක් අවේ ක්ලබ් වසන්තට වෙඩි තියන්න T56 දීලද?

84
0

අතුරුගිරියේ ටැටූ කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කළ බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග ඊයේ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බලකායට අයත් පොලිස් පරීක්ෂකවරයාගේ බැංකු ගිණුමට මාස දෙකක් තුළ රුපියල් ලක්ෂ හතළිහක් බැර වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

විශේෂ කාර්යය බලකායේ පොලිස් පරීක්ෂක වරයකු ලෙස දීර්ඝ කාලයක් සිය මෝටර් රථයේ සූක්ෂම ලෙස සඟවාගෙන ප්‍රවාහනය කරමින් සිටියදී ටි 56 වර්ගයේ ගිනි අවිය සමග අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර ටි 56 වර්ගයේ ගිනි අවිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත
ඉදිරිපත් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ අයෙකුද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී තිබෙන බව පවසන එම පොලිස් නිලධාරියා සැකකරුගේ ගිණුමට මාස දෙකක් ඇතුළත රුපියල් ලක්ෂ හතළිහක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය නැති බවද සඳහන් කළේය.

අත්අඩංගුවේ පසුවන සැකකරු අපරාධ කල්ලි වලට ගිනි අවි සපයා මුදල් උපයා ඇද්ද යන්න පිළිබඳවද අවධානය යොමු කරමින් පොලිස් පරීක්ෂණ දියත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleශ්‍රී ලංකාව හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව දිනයි
Next articleහාල්මෝල් හිමියන්ගේ මාෆියාව තුරන් කරන්න රජයෙන් කෝටි 3000ක වී මිලදී ගන්න යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here