පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන හා ඥාති හිතවත්කම් මත විවිධ රටවල තානාපති සේවාවන් සඳහා පත්කර යැවූ නිලධාරීන් දාසය (16) දෙනෙකු වහාම මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම නිලධාරීන් 16 දෙනාට වහාම මෙරටට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මෙම නිලධාරීන් අතුරෙන් ඇතැම් අය තානාපති සේවය සඳහා අවම සුදුසුකම්වත් සපුරා නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාවේ චෙන්නායි, සෞදි අරාබියාව යන රටවලශ්රී ලංකා කොන්සල් ජනරාල්වරු මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක්, එක්සත් රාජධානියේ ලන්ඩන් හි නිලධාරියෙක් මෙලෙස යළි මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ප්‍රංශයේ පැරිස් නුවර, ඉතාලියේ රෝමය, ඕස්ට්‍රේලියාවේ කැන්බරා, රුසියාවේ මොස්කව්, ඉන්දියාවේ නවදිල්ලි නුවර, ලෙබනනයේ බීරූට්, තුර්කිය, නෙදර්ලන්තය, ජර්මනිය වැනි රටවල තානාපති කාර්යාලවල විවිධ තනතුරු දැරූ නිලධාරීන් මෙලෙස ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ.