රට ඉදිරියට ගෙනයාමට වත්මන් ආණ්ඩුවට නිසි සැලසුමක් සහ වැඩපිළිවෙලක් නැති බව පසුගිය දින කිහිපය තුල ගනුලැබූ තීන්දු දෙස බැලීමේදී පැහැදිලි වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය .
මෙවර මහ මැතිවරණයේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම සඳහා මහජන නියෝජිතයින් පත්කළ යුතු බව පෙන්වාදෙන ඒ මහතා කිසි විටෙක පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට මුක්කුවක් ගසන තත්ත්වයට පත්නොකළ යුතු බවද අවධාරණය කළේය .
විපක්ෂ නායක කාර්යාලයේ අද (31) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළ චරිත හේරත් මහතා වත්මන් පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජනබලවේගයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කලත් අද සෑම දිස්ත්‍රික්කයකටම ඉදිරිපත්කර සිටින බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ බවද පෙන්වා දුන්නේය