Home අද PAYE ටැක්ස් අඩුකිරීමට තීරණය කරයි

PAYE ටැක්ස් අඩුකිරීමට තීරණය කරයි

3768
0

එළැඹෙන අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.

එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ මෙසේය.

No description available.

රුපියල් 150,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙයි.

රුපියල් 300,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙයි.

“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න.”

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

Previous articleමට අවශ්‍ය නැහැ වෙනසක් – මට අවශ්‍ය පෙරළියක් – ජනපති
Next article2025 පෙබරවාරියේ සියළුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here