Site icon Newshub

PAYE ටැක්ස් අඩුකිරීමට තීරණය කරයි

එළැඹෙන අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.

එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ මෙසේය.

රුපියල් 150,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙයි.

රුපියල් 300,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙයි.

“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න.”

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

Exit mobile version