Home අද උන්ම හරක් කියපු පොහොට්ටුවේ මිනිස්සු දැන් ඡන්දේ දෙන්නේ උන්ටලු – උන්ට...

උන්ම හරක් කියපු පොහොට්ටුවේ මිනිස්සු දැන් ඡන්දේ දෙන්නේ උන්ටලු – උන්ට මොකටද හරක්ගේ ඡන්දේ ?

706
0

පසුගිය කාලයේදී පොහොට්ටුවේ මිනිසුන් පසුබැස සිටි බවත් එය්යට හේතුව ඔවුන්ට පහරදී, ඔවුන්ගේ ගෙවල් ගිනිබත්කර පොහොට්ටුවේ පාක්ෂිකයෙක් බව පැවසීමට පවා නොහැකි මට්ටමට පත්කර තිබූ බැවින්යැයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

බුලත්සිංහල දී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ ජනරැලියක් අමතමින් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව සඳහන් කළේය.

කිසිම විටක මෙරට පන්සලක් ඉදිකිරීමට දායක වී නොමැති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පන්සල් යාමට පටන්ගෙන ඇති බවත් රට ජාතිය වෙනුවෙන් කොතැනකදීවත් තම හඬ නගා නැති බවත් පවසන සද්ධාතිස්ස හිමියන් අටපිරිකර රැගෙන මේ වනවිට පන්සල් යන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමින් බව කියා සිටියා.

මැතිවරණය ඉලක්ක කරගනිමින් පන්සල් යන අපේක්ෂකයින්ට බෞද්ධයන් නොරැවටෙන බවද මෙහෙදී උන්වහන්සේ කියා සිටියා.

පසුගිය සමයේදී පොහොට්ටුවේ ඡන්දදායකයින් හරක් ලෙස පෙන්වාදීමට ඔවුන්ගේ නිවෙස් වලට තණකොළ පවා යැවූ බව පෙන්වාදුන් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ පොහොට්ටුවේ 69 ලක්ෂයක ඡන්ද ලැබෙන්නේ ඔවුන්ට බව පවසමින් ජනාධිපති සටනේ නියැලෙන මාලිමාවට හරක් ගේ ඡන්දය කුමකටදැයි ප්‍රශ්න කර සිටියා.

Previous articleමිනිස්සුන්ට වතුර දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන සීයක්.! ජනපතිට ස්තූතියි – ජීවන් තොන්ඩමාන්
Next articleපෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව කතා කරන සමහරු තමන්ගේ දරුවෝ යවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here