Home අද සිංහල බෞද්ධ සළකුණ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමිගේ පූර්ණ සහය ජනපතිට

සිංහල බෞද්ධ සළකුණ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමිගේ පූර්ණ සහය ජනපතිට

613
0

ජාත්‍යන්තරය  පුදුමයට  පත්කරමින් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුකරවාගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට හැකියාව ලැබුණු බවත් දුෂ්කරකාලයේ රට නිවැරදි මඟට යොමුකළ ඔහුට මෙවර පාලනය භාරදිය යුතු බවත් දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ ප්‍රකාශ කළහ.

අමාරුම කාලයේ රට ගොඩගත් නායකයාට තමන් වහන්සේද සහය පළකිරීමට අදහස් කර ඇති බවද සඳහන් කරමින් උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ,

“මගෙ රත්තරං හාමුදුරුවනේ, පෙර අවස්ථාවන් වල හැම මාසෙකම මේ රටේ පඩි ගෙව්වේ ඔබවහන්සේලා වැටුපක් නෙවෙයි රැකුමක් ගන්න පිරිවෙනක පණ්ඩිත හාමුදුරුවන්වහන්සේ නමක් නම් අලුත්ම පන්දාහේ කොල ආවා. ස්වාමීනී, මුදල් කොල නෝට්ටු අච්චු ගහලයි දුන්නේ.

මේ අවුරුදු දෙක පුරාවටම මේ මනුස්සයා එක මුදලක් අච්චු ගැහුවේ නැහැ. එක මුදලක් අච්චු ගැහුවේ නැහැ එහෙමනම් මුදල් නෝට්ටුවල තියෙන්න ඕනේ ඒ නම අත්සන් කරලා.

සමහරවෙලාවට අපි දැක්කා , මමත් මුදල් ඇමතිනේ ඉතිං මමත් මේක අත්සන් කොරන්ඩ එපායැ කියලා ඉවර වෙලා අපේ සර්ලා ගෙනාවා. හැබැයි එතැනින් පස්සේ සම්පුර්ණයෙන්ම රට තුළ සාමය ඇති වෙන කොට අර අපේ ජාත්‍යන්තරයේ ඉදලා ලක්ෂ 25 ට කිට්ටු වෙන්න විදේශිකයින් රටට එනකොට සංචාරකයින් හැටියට මේ පැත්තට අපේ ජනතාව සිහිබුද්ධියෙන් අවශ්‍ය කරන ඩොලරය තමන් වැඩකරලා මේ මාතෘ භුමියට එවනකොට මේ රටේ මිනිස්සුන්ගේ ආයෝජන පැත්ත වැඩි කරලා විදෙස්ගත කරන කොට  අපනයනයන් හැටියට අද සිටින තැනට හිටගන්නත් ඒ විතරක් නෙවෙයි

ලෝකය තුළ පුදුමයට විශ්මයට පත්කරන විදිහට මනුස්සයින්ගේ සිත් මේ පැත්තට යොමුකරවන්නත් වත්මන් ජනපතිතුමන් සක්‍රීය වුණා. ඒනිසයි පින්වන්ත හාමුදුරුවනේ අපි මෙතන හිටගත්තේ”

 

Previous articleමොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නැහැ – ජන අරගල සන්ධානය
Next articleමිනිස්සුන්ට වතුර දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන සීයක්.! ජනපතිට ස්තූතියි – ජීවන් තොන්ඩමාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here