Home අද අපේ දරුවන් වෙනුවෙන් නාමල් අභියෝගයක් භාරගනී

අපේ දරුවන් වෙනුවෙන් නාමල් අභියෝගයක් භාරගනී

541
0

ඉදිර වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රය හදාගන්න පෝලිම්වල ඉන්න යුගයක් ගැන කතා කරන කාලයක සැබෑ පෝලිම අයින් කරන තැනට අපේ රටේ පරිපාලන ව්‍යුහය අපි පරිවර්ථනය කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. ඒ අයින් කරන්නේ තාක්ෂණයෙන්, ප්‍රසම්පාදන ක්‍රමවේදයේ ඉඳන් ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලන්සු ක්‍රමයට ටෙන්ඩර් පටිපාටියන් හඳුන්වා දීලා, ඒ තාක්ෂණයත් එක්ක බද්ද කරලා, විනිවිඳභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් ඒ තුළින් නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් එක්ක. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මාතෘභූමිය මහ පොළොවේ පය ගහලා ඉන්න දෙමාපියන්ගේ, දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්න. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය වෙන්න පුළුවන් ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුළුවන්, සේවා අංශය වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශවල වෙන්න පුළුවන්, රැකියා ලක්ෂ 20ක් ඊළඟ අවුරුදු 10 තුළ ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාරගන්නවා.”

Previous articleහැමෝම හොයන තොප්පි කතාව ජනපති රනිල් කියයි…  
Next articleවැටුප් වැඩිකරන්න කැබිනට් එක තීරණය කරලා ඉවරයි – නීරීක්ෂණ සංවිධාන කොහොමද ඒක නැහැ කියන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here