Home අද මාලිමා ආණ්ඩුවක් ආවොත් ඩොලරය රුපියල් 425කට යනවා – ජනපති

මාලිමා ආණ්ඩුවක් ආවොත් ඩොලරය රුපියල් 425කට යනවා – ජනපති

817
0

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් ඒ අනුව අයවැය ඉදරිපත් කිරීමෙන් අනතුරුව ඩොලරය රුපියල් 400ත් 425 දක්වා ඉහළ යනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගම්පොළ ඊයේ (09) පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව උද්ධමනය 25%ක් දක්වා පමණ ඉහල යනු ඇති බවටත් තමන් වැරදිනම් සංඛ්‍යාලේඛන මඟින් එය ඔප්පුකර පෙන්වන ලෙසටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

තමන් ජීවන බර සැහැල්ලු කිරීමට යෝජනා කරන විට මාලිමාව ජනතාව මත කොතරම් බරක් පටවන්නේද යන්න පැහැදිලි කර දියයුතු බවද ජනපතිවරයා මෙහිදී අවධාරණය කළා.

වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මම යෝජනා කරන්නේ ජීවන බර තව සැහැල්ලු කරන්න,
රැකියා ඇති කරන්න,
බදුබර සැහැල්ලු කරන්න,

උරුමය අස්වැසුම ආරක්ෂා කරන්න,
ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න.

ඔය ටික අපි කරමු එකට එකතුවෙලා.
මම රුපියල ශක්තිමත් කරන්න, ශක්තිමත් කරන්න හැම එක්කෙනාගේම ජීවන බර සැහැල්ලු කරනවා.

දැන් හැමතැනම දෙන්නේ කෝපි කඩේ කතා. ඇත්ත කියන්න බයයි.
මාලිමාව කියන අනුව මේ අයවැය හැදුවොත් ආරම්භ වෙන්නේ ඩොලරයකට රුපියල් 400යි 425යි,

උද්ධමනය 25%යි මම වැරදිනම් කරුණාකරලා තමන්ගේ සංඛ්‍යාලේඛන කියන්න. ජනතාවට දාන බර කියන්න.
මේක තමන් හැදුවනම් මම දැන් කියනවා,

මේගොල්ලන්ට ආර්ථික සැලැස්මක් නෑ, මේ රටේ ආර්ථිකය ආපහු කඩලා
ගෝඨාභය රාජපක්ෂගේ කාලයට වඩා අමාරු කාලයක් තමයි අනුර දිසානායක මැතිතුමා ඔබට දෙන්න යන්නේ.

මේක තීරණය කරන්න කාටද ඡන්දේ දෙන්නෙ කියලා.
මම කියන්නේ සැප්තැම්බර් 21 වෙනිදා ගිහිල්ලා ගෑස් සිලින්ඩරය ළඟ කතිරය ගහන්න

Previous article එක පැයක් මගහරින්නේ නෑ,ක්ෂණිකව අපි දිවුරුම් දීලා,පාර්ලිමේන්තුව විසුරවනවා”- අනුර කුමාර
Next articleජලනි ආර්යාවට ගුවන් හමුදා උත්තමාචාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here