Home අද මහනුවර සුපිරි හෝටලයක NPP ලාල්කාන්ත ගල්කොරි ව්‍යාපාරිකයන් එක්ක රැස්වීමක්

මහනුවර සුපිරි හෝටලයක NPP ලාල්කාන්ත ගල්කොරි ව්‍යාපාරිකයන් එක්ක රැස්වීමක්

775
0

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ඉකුත් 03 දා මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දීමට මැතිවරණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.

හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දෙස් – විදෙස් සංචාරකයන්ද ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය පවසයි. මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නොමැත.

උපුටාගැනීම – මව්බිම

Previous articleජනපති රනිල්ට සහය පළ කරමින්   නව සන්ධානයක් අද ඇරඹේ
Next articleපොදුජන එක්සත් නිදහස් පෙරමුණ කුසලානය ලකුණනින් එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here