Site icon Newshub

මහනුවර සුපිරි හෝටලයක NPP ලාල්කාන්ත ගල්කොරි ව්‍යාපාරිකයන් එක්ක රැස්වීමක්

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ඉකුත් 03 දා මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දීමට මැතිවරණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.

හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දෙස් – විදෙස් සංචාරකයන්ද ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය පවසයි. මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නොමැත.

උපුටාගැනීම – මව්බිම

Exit mobile version