Home අද පීඩාවට පත්වුණ ජනතාවට සහනයක් සලසන්න සත්‍ය සෙවීමේ කොමිසම ඇති කරනවා

පීඩාවට පත්වුණ ජනතාවට සහනයක් සලසන්න සත්‍ය සෙවීමේ කොමිසම ඇති කරනවා

726
0

මෙවර ජනාධිපතිවරණයේදී ජාතිවාදය ආගම්වාදය වැනි පටු තේමාවන් පිළිබඳ කතාකිරීම නැවතී තිබීම මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකිකයින්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් කතාකිරීමට යොමුවී තිබීම සතුටු දායක බව අධිකරණ හා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(03දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙරට පීඩාවට පත්වු ජනතාව හට සත්‍ය සොයාගැනීමේ අරමුණ ඇතිව සත්‍ය සහ ප්‍රතිසම්පාදනය ඇති කිරීමේ කොමිසම ඇතිකිරීමේ පනත ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙම පනත මගින් කිසිවෙකුට දඩුවම් කිරීමේ බලයක් නොලැබෙන අතර සත්‍ය අනාවරණය කරගැනීම සිදුවන බවද ලෝකයේ රටවල් 43 ක පමණ මෙය ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම පැහැදිලි කළේය.

“සත්‍ය සෙවීමේ පනත මඟින් දඩුවම් කිරීමේ බලයක් කාටවත් දීලා නැහැ. මේ පනත මගින් දෙමල අන්තවාදයටවත් සිංහල අන්තවාදයටවත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේ දෙගොල්ලෝම මේකට විරුද්ධයි.  මේ රටේ පීඩාවට පත්වුණ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න අපිට යුතුකමක් තියෙනවා. සත්‍ය සොයාගැනීමේ වරද මොකක්ද?. මෙකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නඩු දාන්න නෙවෙයි.  පීඩාවට පත්වුණ අයට  සහනයක් සලසන්නයි මේ පනතෙන් බලාපරොත්තු වෙන්නේ. මේක ලංකාවේ විතරක් වෙන දෙයක් නෙවෙයි. රටවල් 43 ක පමණ මෙම පනත ගෙනත් තියෙනවා. මිනිස්සු අතර සාමය ඇතිකිරීමේ තවත් එක් ක්‍රියාමාර්ගයක් විදිහටයි සත්‍ය සෙවීමේ පනත අරගෙන එන්නේ.

ප්‍රථම වතාවම ජාතිය ආගමත මත මිනිස්සු බෙදෙන්නේ නැතිව ශ්‍රී ලාංකිකයින්ට තියෙන ප්‍රශ්න ගැන මේ ජනාධිපතිවරණයේදී කතාකරනවා. ජාතිය අනතුරේ ආගම අනතුරේ කියලා කාලයක් තිස්සේ කතාකරපු අය දැන් මේ සත්‍ය සෙවීමේ පනත අල්ලගෙන තියෙනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous article අනුර ආවොත් රට බංකොලොත් කරනවා – අයවැය නැහැ පඩි වැඩිකරන්නත් බැහැ
Next articleපාස්පොට් ප්‍රශ්නය විසඳෙයි – නුඳුරේදීම සැමට ඊ-පාස්පෝට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here