Home අද මැතිවරණය දවසේ රාත්‍රියට ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් විය හැකියි

මැතිවරණය දවසේ රාත්‍රියට ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් විය හැකියි

2022
0

මෙවර ජනාධිපතිවරණයේ අවසන් ජවනිකාවන් බොහෝ විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය මෙන් බිහිසුණු තත්වයකට පත්කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා.

ඒ සඳහා සැලසුම් මේ වනවිටත් සැකසී ඇති බව ඉකුත් දා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා කියා සිටියා.

ඡන්දය පවත්වා ප්‍රතිඵල නිකුත්වන තුරු කාල සීමාව අරගලය සමයේ පාර්ලිමේන්තුව වටලා සිදුකිරීමට නොහැකි වූ සැලසුම ඉටුකරගැනීමට එම කණ්ඩායම සුදානමින් සිටින බව ඒ මහතා මෙහිදී කියා සිටියා.

මෙවර ජනාධිපතිවරණයේදී කිසිඳු අපේක්ෂකයකුට 50% ක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි තත්වයක් පවතින බැවින් එමඟින් සැකය අවිශ්වාසය මහජනතාව තුළ ගොඩනැංවීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

ඒ තුළ මෙරට සිටින අරාජිකවාදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ලවා එය අවුළුවා දමා ශ්‍රී ලංකාවත් බංග්ලාදේශය මෙන් ඉතා බිහිසුණු තත්වයක් ඇතිකිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleමාලිමාවට ඡන්දය දෙනවා කියන්නේ IMF සමඟ ගිවිසුම අවසන් කිරීමක් – අචාර්ය හර්ෂ ද සිල්වා
Next articlePAYE බද්ද සංශෝධනය කරන්න IMF සමඟ එකඟතාවක් – ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here