Site icon Newshub

මැතිවරණය දවසේ රාත්‍රියට ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් විය හැකියි

මෙවර ජනාධිපතිවරණයේ අවසන් ජවනිකාවන් බොහෝ විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය මෙන් බිහිසුණු තත්වයකට පත්කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා.

ඒ සඳහා සැලසුම් මේ වනවිටත් සැකසී ඇති බව ඉකුත් දා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා කියා සිටියා.

ඡන්දය පවත්වා ප්‍රතිඵල නිකුත්වන තුරු කාල සීමාව අරගලය සමයේ පාර්ලිමේන්තුව වටලා සිදුකිරීමට නොහැකි වූ සැලසුම ඉටුකරගැනීමට එම කණ්ඩායම සුදානමින් සිටින බව ඒ මහතා මෙහිදී කියා සිටියා.

මෙවර ජනාධිපතිවරණයේදී කිසිඳු අපේක්ෂකයකුට 50% ක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි තත්වයක් පවතින බැවින් එමඟින් සැකය අවිශ්වාසය මහජනතාව තුළ ගොඩනැංවීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

ඒ තුළ මෙරට සිටින අරාජිකවාදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ලවා එය අවුළුවා දමා ශ්‍රී ලංකාවත් බංග්ලාදේශය මෙන් ඉතා බිහිසුණු තත්වයක් ඇතිකිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

Exit mobile version